රාහුල් ගාන්ධිගේ පෙත්සමක් ප්‍රතික්ෂේපවේ

142

අපහාස නඩුවකට වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමින් ඉන්දීය කොංග්‍රස නායක රාහුල් ගාන්ධි විසින් ගොනුකර තිබූ පෙත්සමක් ගුජරාට් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අධිකරණයේ මෙම තීරණයත් සමඟ එළඹෙන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට රාහුල් ගාන්ධිට තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව අවිනිශ්චිතතාව තවදුරටත් වැඩිවන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

2019 වසරේ පැවති මැතිවරණ රැළියකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකින් රාහුල් ගාන්ධි සමස්ත මෝදි ප්‍රජාවටම අපකීර්තියක් සිදුකර ඇති බව පවසමින් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් රාහුල් ගාන්ධිට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණි.

එම කථාව අතරතුර ,බොහෝ හොරුන්ට මෝදී, යන නම ඇති බව රාහුල් ගාන්ධි පවසා තිබුණි.

එම අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 2ක සිරදඬුවමක් නියමව සිටි රාහුල් ගාන්ධිට පසුගිය 03 වනදා අධිකරණය විසින් ඇප නියම කළේය.

මීට අමතරව ඔහුගේ අභියාචනාවේ තීන්දුවක් ලබාදෙන තෙක් දඬුවම වළක්වමින් ද ගුජරාට් අධිකරණයක් නියෝගයක් ලබා දී ඇත.

එසේම මෙම සිදුවීම මුල්කරගනිමින් රාහුල් ගාන්ධි ගේ මන්ත්‍රී පදවිය අත්හිටුවීමට එරට පාර්ලිමේන්තුව පියවර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment