ඉතාලිය ‘ඒ’ කාණ්ඩයෙන් එකට නගිද්දී රුසියාව සහ තුර්කියට පළමු ජය – යුරෝ 2020 පාපන්දු තරගාවලිය

196

යුරෝ 2020 පාපන්දු තරගාවලිය යටතේ ඊයේ (17 දා) පැවති තරගවලින් ජය ගැනීමට ඉතාලිය රුසියාව සහ වේල්සය සමත් විය.
 
 ඒ අනුව එම ජයග‍්‍රහණයත් සමග ඉතාලිය 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ලබන 19 වැනිදා වේල්සය සමග පැවැත්වෙන තරගයෙන් ද ජය ගතහොත් ඉතාලිය ‘ඒ’ කාණ්ඩයෙන් පළමු වැනියා ලෙස 16 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.
 
 ස්විස්සර්ලන්තය සමග පැවති තරගය ගෝල 3-0 ක් ලෙස ජය ගනිමින් ඉතාලිය මෙම දස්කම ප‍්‍රදර්ශනය කළ අතර ඔවුන් මේ වනවිට තරග දෙකකදී ප‍්‍රසාද ලකුණු 6 ක් ලබාගෙන සිටී.
 
 තරගාවලියේ පළමු ජයග‍්‍රහණ ලද රුසියාව සහ වේල්සය හමුවේ පරාජයට පත් වූයේ පිළිවෙළින් ෆින්ලන්තය සහ තුර්කියයි.
 
 රුසියාව සහ ෆින්ලන්තය අතර පැවති තරගයෙන් ගෝල 1-0 ක් ලෙස රුසියාව ද, වේල්සය සහ තුර්කිය අතර තරගයෙන් තුර්කිය ගෝල 2-0 ක් ලෙස ද ජයග‍්‍රහණ අත්කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment