එල්ගාර්ගේ අර්ධ ශතකයෙන් දකුණු අපි‍්‍රකාව ශක්තිමත් වේ

127

දකුණු අපි‍්‍රකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේ දෙවෙනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන විට සත්කාරක දකුණු අපි‍්‍රකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 107 ක් රැුස්කර ගෙන සිටියේය.

කාසියේ වාසිය ජයග‍්‍රහණය කර පළමුව පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකා කණ්ඩායම වෙනුවෙන් නායක ඞීන්. එල්ගාර් නොදැවී ලකුණු 59ක් ලබාගෙන සිටි අතර කේගන් පීටර්සන් නොදැවී ලකුණු 24ක් ලබාගෙන සිටියේය.

ආරම්භක පිතිකරු සරෙල් අර්වී ලකුණු 24ක් ලබා සිටියදී කලෙඞ් අහමඞ්ගේ පන්දුවක් හමුවේ දැවීගිය අතර දකුණු අපි‍්‍රකාවේ පොර්ට් එලිසබෙත් හි සෙන්ට් ජොර්ජ් පාර්ක් කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වේ. දෙරට අතර පළමු තරගය දකුණු අපි‍්‍රකාව ජයග‍්‍රහණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment