ශෙනුක් සහ නෙත්මි ඌව පළාත් බැඩ්මින්ටන් ශූරයෝ වෙති

47

සමස්ත ලංකා විවෘත ඌව පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල තරග අංශයේ ශූරතාව දිනා ගැනීමට ශෙනුක් සමරරත්න සමත් වූ අතර, නෙත්මි ආමායා රත්නායක කාන්තා ඒකල ශූරතාව දිනා ගත්තාය.

බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ පැවැති මේ තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-17ක් සහ 21-13ක් ලෙස මලිත හසරංග සූරියආරච්චි පරාජය කිරීමට ශෙනුක් සමත් වූ අතර, විවෘත කාන්තා අවසන් මහා තරගයේදී ලකුණු 21-9ක් සහ 21-7ක් ලෙස තරූෂි නවෝද්‍යා පරාජය කිරීමට නෙත්මි අමායා සමත් වූවාය.

ලකුණු 21-14ක් සහ 21-14ක් ලෙස හංස ද සිල්වා සහ යොහාන් බණ්ඩාර වීරසූරිය පරාජය කළ දිනුර රෂ්මික ප්‍රියශාන්ත සහ සියත් දුල්නෙත් සේනාරත්න විවෘත පිරිමි යුගල ශූරතාව දිනා ගත් අතර, චාම්‍යා නිර්මාණි නන්දසිරි සහ යස්මිතා සිතුමිණි වෙදමුල්ල ලකුණු 21-13ක් සහ 21-12ක් වශයෙන් පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට ඉසුරි අත්තනායක සහ සිතුමි මිනාරා ද සිල්වා සමත් වූහ. විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනාගනු ලැබුවේ ලකුණු 21-12ක් සහ 21-10ක් ලෙස හංස ද සිල්වා සහ චාම්‍යා නිර්මාණී නන්දසිරි පරාජය කළ තෙනුක සත්සර ද සිල්වා සහ සමිදි ඔනෙල් සත්නාරා විසිනි.

ඌව පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අවුරුදු 19න් පහළ බාලක ශූරතාව දිනාගනු ලැබුවේ විවෘත පිරිමි ඒකල ශූරතාවට හිමිකම් කී ශෙනුක් තවීෂ සමරරත්න විසිනි. මිනූෂා අභිමානි පද්ම බණ්ඩාර අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනා ගත්තාය

advertistmentadvertistment
advertistmentadvertistment