මාස දෙකක් තිස්සේ ඒ. බී. ඩිවිලියර්ස් සහ විරාත් කෝලි සමඟ උරෙන් උර ගැටෙමින්, ඔවුන් සමඟ කතාබහ කරමින් තරග නරඹන්න ලැබෙනවා කියන එක ඕනෑම ක්‍රීඩකයෙක් අත්විඳීමට බලාපොරොත්තු වෙන විශිෂ්ට අත්දැකීමක් බව ඔස්ටේ්‍රලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් පසුගියදා ප්‍රකාශ කර ඇත.

ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් ගුවන්තොටුපළේදී මැක්ස්වෙල් ඒ බව ප්‍රකාශ කර ඇත්තේ අයිපීඑල් තරගාවලියේ දී විඳින්නට ලැබෙන එම අත්දැකීමට තමන් මහත් ප්‍රිය කරන බවයි. ඒ නිසා තම ක්‍රීඩා ජීවිතයේ අවසන් තරගාවලිය අයිපීඑල් තරගාවලියක් වනු ඇති බවත් ඇවිදින්න පුළුවන් තරම් කල් තමා අයිපීඑල් ක්‍රීඩා කරන බවත් මැක්ස්වෙල් එහිදී පවසා ඇත.

අයිපීඑල් තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන මැක්ස්වෙල් පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඔස්ටේ්‍රලියාවට ලබා ගැනීම සඳහා ප්‍රදර්ශනය කළ ක්‍රීඩාශීලීත්වය දෙස් විදෙස් විචාරකයන්ගේ මහත් අවධානයට සහ ඇගැයීමට ලක් විය.

“මගේ ක්‍රීඩා ජීවිතයට අයිපීඑල් කොතරම් උදව් කළා ද. මට මුණගැසුණු මිනිසුන්, මම ක්‍රීඩා කළ පුහුණුකරුවන්, ගැටීමට සිදු වන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්. මේ තරගාවලිය මගේ ක්‍රීඩා ජීවිතයට ඉමහත් ප්‍රයෝජන ගෙන දුන්නා” යැයිද ඔහු එහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment