සා.පෙළ සිසුවා පොළඟකු දෂ්ට කිරීමෙන් මරුට

219

අනුරාධපුර මධ්‍ය මහා විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටි 16 හැවිරිදි සිසුවකු පොළඟකු දෂ්ට කිරීමෙන් මියගොස් ඇත.

අනුරාධපුර” කලත්තෑව ප්‍රදේශයේ පදිංචි විනුක් තෙවිනාත් නමැති ශිෂ්‍යයා පවුලේ තෙවැනි දරුවා වන අතර එකම පිරිමි දරුවාය.

පසුගිය 07 දා සවස මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී බෝලය ඉවතට ගොස් ඇති අතර මාන පඳුරක් ළඟ තිබූ බෝලය ගැනීමට යෑමේදී එහි සිටි පොළඟකු දෂ්ට කළ බව විශ්‍රාමික විදුහල්පතිවරයකු වන ශිෂ්‍යයාගේ

පියා පැවසීය. පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. එහිදී සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් මහත් වෙහෙසක් දැරවද රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ‘මෙත්සිරි සෙවණ. දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 08 දා සිසුවා මිය ගොස් තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරිණි.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment