රෝහල් 10ක පැය හතරේ වර්ජනය සාර්ථකයි – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

73
කිරිබත්ගොඩ රෝහල ඉදිරිපිට විරෝධය

ප්‍රධාන රෝහල් දහයක ඊයේ (02දා) ක්‍රියාත්මක කළ පැය හතරක වැඩවර්ජනය ඉතා සාර්ථක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන්දහසක (DAT) දීමනාව තමන්ටද ඉල්ලමින් ඊයේ සිට යළි අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සමන්විත එම සන්ධානය තීරණය කර තිබුණද සිය ඉල්ලීම් සම්බන්ධයෙන් තවන් සාකච්ඡාවක් ඊයේ ලබාදෙන බවට බලධාරීන් පොරොන්දුවීම නිසා එම වැඩවර්ජනය පැය කිහිපයකට සීමා කිරීමට තීරණය කළ බව එම සන්ධානය කියයි.

ඒ අනුව, කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනය, මඩකලපුව, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කෑගල්ල මහ රෝහල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මන්නාරම යන මූලික රෝහල්වල ඊයේ උදෑසන 6.30 සිට පැය හතරක් මෙම වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට පැවසීය.

සුජීව තත්සර සහ කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment