ක්‍රීඩකයින්  විශ්වාස කරන්න  ඔවුන්ටත් ජීවිතයක්  තියෙනවා… – ශ්‍රී ලංකා නායකයා ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව කියයි

639

ලකුණු 170ක් යනු ඩුබායි ක්‍රීඩාංගණ තණ තීරුවේ අවසන් මහා තරගයකදී ආරක්ෂා කර ගත හැකි ලකුණු සංඛ්‍යාවක් බව තමන් දැන සිටි බව ආසියානු ක්‍රිකට් ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසා සිටියේය.

ක්‍රීඩකයින්  විශ්වාස කරන්න  ඔවුන්ටත් ජීවිතයක්  තියෙනවා... - ශ්‍රී ලංකා නායකයා ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව කියයි

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඩුබායි ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පෙරේදා (11වෙනිදා ) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා එසේ පැවසීය.

ක්‍රීඩකයින්  විශ්වාස කරන්න  ඔවුන්ටත් ජීවිතයක්  තියෙනවා... - ශ්‍රී ලංකා නායකයා ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව කියයි

අවසන් මහා තරගයක ලකුණු හඹා යෑමේදී ඒ සඳහා මානසික තත්ත්වයන් ද බලපාන බවද ඒ නිසා ලකුණු 170 රැක ගත හැකි ඉලක්කයක් වූ බවද ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය. එසේම නවක ක්‍රීඩකයෙකු වූ ප්‍රමෝද් මධුශාන් අවසන් මහා තරගය වැනි ප්‍රධාන තරගයකට යෙදවීමට ගත් තීරණයට ඔහු හොඳ වටිනාකමක් ලබාදුන් බවත් ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේය.

ක්‍රීඩකයින්  විශ්වාස කරන්න  ඔවුන්ටත් ජීවිතයක්  තියෙනවා... - ශ්‍රී ලංකා නායකයා ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව කියයි

“මේ තණතීරුවේ අපි ලබා ගත් ලකුණු 170 ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි කියලා අපි දැන ගෙන හිටියා.මොකද අවසන් මහා තරගයකදී ඒ සඳහා මානසික තත්ත්වයන්ද බලපානවා. අවසන් පන්දුවේදී භානුක එල්ල කළ හයේ පහරත් විශේෂ එකක්.”

ක්‍රීඩකයින්  විශ්වාස කරන්න  ඔවුන්ටත් ජීවිතයක්  තියෙනවා... - ශ්‍රී ලංකා නායකයා ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව කියයි

කෙසේ වෙතත් ඩුබායි ක්‍රීඩාංගණයේ පළමුව පන්දුවට පහර දී කණ්ඩායමක් ජයග්‍රහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් එසේ ආරක්ෂා කර ගෙන තිබුණේ මීට තරග 30කට පෙරදීය. ඒ දස්කම කර තිබුණේ නවසීලන්ත කණ්ඩායම ස්කොට්ලන්තයට එරෙහිවය. ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 170ට පිළිතුරු ලෙස පකිස්තානයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 147ක් පමණි.

“අපි සතුව හොඳ පන්දු යවන්නන් සිටියා. ඒ වගේම ප්‍රමෝද් මධුශාන් යනු දක්ෂ පන්දු යවන්නෙක්. අපි ඔහුව පළමු පෙළ ක්‍රීඩා කරන කාලයේ පටන් දන්නවා. තරගයකදී අපිට කොහොමත් අවදානමක් ගන්න වෙනවා. මෙය ප්‍රමෝද්ගේ දෙවෙනි ජාත්‍යන්තර තරගය වුවත් ඔහු විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළා. අපි ගත්ත අවදානමට ඔහු හොඳ වටිනාකමක් ලබා දුන්නා”

එමෙන්ම රටේ ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය රඳවා ගෙන සිටින්න යැයි ද නායකයෙකු ලෙස තමන් කණ්ඩායමේ සාමාජිකයන් පිළිබඳව විශ්වාසයෙන් සිටින බවද දසුන් එහිදී ප්‍රකාශ කළේය.

“මට කියන්න තියෙන්නේ ක්‍රීඩකයන්ව විශ්වාස කරන්න කියලා විතරයි. පහුගිය කාලයේ ඔවුන් සම්බන්ධයෙන් නොයෙක් දේ ප්‍රචාරය වුණා. එයාලටත් පුද්ගලික ජීවිතයක් තිබෙනවා. ඔවුන්ටත් ජීවිතය විඳින්න ඉඩ දෙන්න. නායකයෙකු ලෙස මං හැමවිටම ඔවුන් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ක්‍රිකට් ගැන නොයෙක් ප්‍රශ්න තිබුණා. මොන අඩුපාඩුකම් තිබුණත් අපේ ක්‍රීඩකයෝ ලෝක මට්ටමේ හොඳ ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා.”

මෙම ජයග්‍රහණය වර්තමානයේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බවත් මේ ආකාරයට තව අවුරුදු 5ක් පමණ යන්න පුළුවන් නම් එය අනාගතයේ හොඳ ලකුණක් බවත් ශ්‍රී ලංකා නායකයා පැවසීය.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment