යොවුන් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර

260

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාර දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව සමත් වූයේය.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර තරගය හෙට (06 වැනිදා) පැවැත්වේ. දෙවෙනි අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය අතර ලබන 08 වෙනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර අවසන් මහා තරගය ලබන 11 වැනිදා පැවැත්වේ.

අවසන් පූර්ව තරග දෙක සහ මහා තරගය බෙනෝනි හි විලෝමූර් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය යටතේ සුපිරි හය තරග වටය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පැවති තරග 2ම පරාජයට පත්විය. මූලික තරග වටයේදී ශ්‍රී ලංකාව සිම්බාබ්වේට සහ නැමීබියාව ට එරෙහිව ජයග්‍රහණය කළේය.

රවිදු තෙවරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment