උතුරු ඉන්දියාවේ වැසි හේතුවෙන් 50 ක් මරුට

268

උතුරු ඉන්දීය ප්‍රාන්තයක් වන හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ වැසියන් 50 ක් පමණ දෙනා පෙරේදා (15දා) දිනය තුළ අධික වැසි හේතුවෙන් හටගත් ස්වභාවික විපත්වලින් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇති පිරිසෙන් 11 දෙනෙකු පමණ මියගොස් ඇත්තේ අදාළ ප්‍රාන්තයේ ශිම්ලා නගරයේ පිහිටි සිව කෝවිලක් නාය යෑමට හසු වී ගසා ගෙන යෑම හේතුවෙනි. මෙම කෝවිල නාය යෑමේ සිදුවීමෙන් මියගිය සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බව බලධාරීහු පවසති. පවතින අධික වැසි හේතුවෙන් ශිම්ලා නගරයේ මහා මාර්ග සිය ගණනක් වසා දමා ඇති අතර නගරයේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොටසක්ද ජලයෙන් යටවී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment