ශ්‍රී මහා බෝධිය වන්දනාවේ පැමිණි අයකුගේ ඔස්ට්‍රේලියානු ඩොලර් සහ මෙරට මුදල් සොරාගෙන

513

වටිනාකම රු. 359000ක්

අනුරාධපුර පිහිටි ඓතිහාසික ශ්‍රී මහා බෝධියේ පහල මළුවේදී පුද්ගලයකු සතු ඔස්ටේ්‍රලියානු ඩොලර් සහ මෙරට මුදල් රුපියල් 359000ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කිරි ආහාර පූජාවකට සහභාගි වීම සඳහා හෝමාගම, ගොඩගම සිට පැමිණි ඕස්ට්‍රේලියානු රටේ ඉංජිනේරුවරයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

පෙරේදා (3 දා) උදෑසන ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට පැමිණ, පහත මළුවේ කිරි ආහාර සකස් කරන ස්ථානයට පැමිණ බිරිඳගේ අත් බෑගය මව සන්තකයේ තබා පූජාවට සහභාගි වීමට උඩ මළුවට ගොස්, නැවත පැමිණ බැලීමේදී එම බෑගය මව සන්තකයේ නොතිබීම හේතුවෙන් සොයා බලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පැමිණිලිකරු තම මවගෙන් විමසීමේදී තමා ළඟ සිටි කුඩා දරුවා එම ස්ථානයෙන් මද දුරකට දිව ගිය අවස්ථාවේ ළමයා පිටුපස ගොස් නැවත රැගෙන ආ බවත් එම අවස්ථාවේදී කිසිවකු විසින් බෑගය සොරා ගෙන ඇති බව පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ. එම බෑගය තුළ ඕස්ට්‍රේලියානු ඩොලර් 1300ක් (එය ලංකා මුදලින් 284000ක්), මෙරට රුපියල් 70000ක්, සහ එම බෑගයේ වටිනාකම රුපියල් පන්දහසක් බව පවසමින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

මීට මාසයකට පමණ පෙර දිනකදී ද නුගේගොඩ ප්‍රදේශයේ සිට ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට පැමිණි කාන්තාවක් සතු එංගලන්ත පවුම් 480ක්, මෙරට මුදල් ලක්ෂ 3 ක් ශ්‍රී මහා බෝධියේ බුදු මැදුර තුළ දී සොරකම් කිරීමේ සිදුවීමක් ද වාර්තා විය.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment