සාලින්දගෙන් හාර්ට් CART

196


මේ කතාව නම් කරලා තියෙන්නේ ගැල් බැඳි හදවත් තවලම හෙවත්පෝර්ක් වීදිය කියන්නේ මේ දිනවල හරි ජනපි‍්‍රය මාතෘකාවක්. මේ ටෙලිනාට්‍යය වගේම එහි නළු, නිළි කැළ ගැනත් අධ්‍යක්‍ෂවරයා ගැනත් මිනිස්සු කතාබහ වෙනවා. වසංගතයත් සමග නිර්මාණය වුණ වෙනස්ම ටෙලි නිර්මාණයක්. මෙය සාලින්ද රත්නායක ගේ අධ්‍යක්‍ෂණයක් . හැබැයි අද අපි කතා කරන්න හදන්නේ පෝර්ක් වීදිය ගැන නම් නෙමෙයි.

සාලින්දගෙන් හාර්ට් CART



පෝර්ක් වීදිය අධ්‍යක්‍ෂණය කළ සාලින්ද රත්නායකගේ අලූත්ම ටෙලිනිර්මාණය ගැනයි. මෙම අලූත්ම ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා තලවතුගොඩ ග‍්‍රෑන්ඞ් මොනාච් හෝටලයේදී පැවැත්වුණා.

තරුණ තරුණියන් සිව්දෙනෙක් කොළඹ එනවා. මොවුන් කොළඹ එන අතරේ සිදුවන ගුරුකමක් ගෝලයෙක් අතින් වැරදිලා එකම තරුණියට තරුණයන් දෙදෙනා ආදරය කරන්න පටන් ගන්නවා. මේ සිව්දෙනා කොළඹ ගතකරන ජීවිතය අතරේ ගුරුකම් කරන තැන ගෝලයා සිය ස්වාමියාට බිරිඳ රවට්ටන්න උදව් කරනවා. අන්තිමේ මායා වෂියක් කරලා පෙම් යුවළවල් දෙක සමතයකට පත්වෙලා විවාහ වෙනවා.

මෙන්න මේ කතා සාරාංශය තමයි සාලින්ද රත්නායක අතින් අධ්‍යක්‍ෂණය කරන්නේ. මේ කතාව නම් කරලා තියෙන්නේ ගැල් බැඳි හදවත් තවලම හාර්ට් ක්‍්ඍඔ ලෙසිනි.

සාලින්දගෙන් හාර්ට් CART



නදීෂා හේමමාලී, සංගීත් ප‍්‍රභූත්, ගීත්මා බණ්ඩාර, පියුමි බොතේජු, ධනංජි තාරුකා, මිහිර සිරිතිලක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මධුෂාන් නානායක්කාර, සංඛ උදාර, දුශේනි මියුරංගි, සමිත සුධීරවර, තාරුක මුණසිංහ, ඉෂාර වික‍්‍රමසිංහ, එස්. අයි. සමරකෝන්, ආලෝක සම්පත්, ශෂි ඇන්ජලීනා, හෂිනිකා කරලියද්ද, සරත් චන්ද්‍රසිරි රංගනයෙන් දායක වෙති.

කැමරාකරණයෙන් ඉන්දික ලක්මාල් ද කලා අධ්‍යක්‍ෂණයෙන් ගාමිණී එස්. බණ්ඩාර ද තිර රචනයෙන් සුසිත් රුවන්, සංගීතය රවි රොයිස්ටර්, අංග රචනය මහනුවන් රූපසිංහ, සහාය අධ්‍යක්‍ෂණය නලින්ද ධර්මසිරි, සංස්කරණය චන්දන ගම්පතිගේ, රේඛීය නිෂ්පාදනය රන්ජන් ලසන්ත, නිෂ්පාදන කළමනාකරණය හේමන්ත බන්ධනගේ විසිනි. නිෂ්පාදනය රාජ් ප‍්‍රඩක්ෂන් වෙනුවෙන් එස්. රමේෂ්ගෙනි. රූගත කිරීම් ඇරඹූ ගැල් බැඳි හදවත් පාලම හාර්ට් ක්‍්ඍඔ නුදුරේදීම පුංචි තිරයෙන් දැකගත හැකිය.

දිනේෂ්

ඡායාරූප යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment