Silk Route Ventures, තම පළමු වෙළෙඳසැල Havelock City ඵ්කක හිදී විවෘත කරයි

99

ශ්‍රී ලංකාවේ කාබනික ආහාරපාන සහ ආහාර අතිරේක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Silk Route Ventures සිය පළමු වෙළෙඳසැල, සිය සෞඛ්‍ය හා සුවතා සන්නාමය වන Ancient Nutra යටතේ පසුගියදා විවෘත කරන ලදී.

නවතම හැව්ලොක් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ බිම් මහලෙහි පිහිටි මෙම වෙළෙඳ කුටිය මගින් නිෂ්පාදන රැසක් දේශීය පාරිභෝගිකයින් වෙත සමීප කෙරේ.
Ancient Nutra නිෂ්පාදන අතරට, ඖෂධීය සහ ඖෂධීය සාර ආහාර අතිරේක, ස්වාභාවික ආහාරපාන සහ ස්වාභාවික රූපලාවන්‍ය ද්‍රව්‍ය අයත් වේ. වර්තමානයේ බොහෝ දෙනෙක් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් වගකීම් සහගත ජීවන රටාවකට අනුගත වීමට වැඩි නැඹුරුවක් දක්වන බැවින් මෙම නිෂ්පාදන වෙත ඇති ඉල්ලු‍ම ද වර්ධනය වී තිබේ.

අතීත ප්‍රතිකාර සහ ඖෂධ නැවත ජනප්‍රිය කිරීමේ අදහසින් ද යුතුව හඳුන්වා දෙන මෙම නිෂ්පාදන සෑදීමේදී අමුද්‍රව්‍ය සපයා ගනු ලබන්නේ කෘෂි රසායනවලින් දූෂ්‍ය නොවූ මෙරට කුඩා පරිමාණ කාබනික වගා බිම්වලිනි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නිෂ්පාදන සඳහා USDA Organic, EU Organic වැනි සහතික හිමිව ඇති අතර, නිෂ්පාදන ක්‍රියාවලිය ද GMP” HACCP, ISO22000, FSSC 22000 සහ ආයුර්වේද දෙපාර්තමේන්තු සහතික ලත් කර්මාන්තශාලාවක සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment