ඩොලර් මිලියන 2ක් ගත් බවට ඇමැති කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයකින් කියයි

51

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඩොලර් මිලියන 2 ක මුදලක් ක්‍රිකට් ආයතනයේ ගිණුමකින් ලබාගෙන වෙනත් පාර්ශ්වයක ගිණුමකට මාරු කිරීමට සූදානම් වූ බවට ක්‍රීඩා අමාත්‍යවරයා පෙරේදා (08 වැනිදා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇමැතිවරයා විසින් සිදු කරන ලද එම ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳව වෙනත් ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට කළ ප්‍රකාශයක් බවත් එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදේශ ආයතන සමඟ කටයුතු කිරීම නිසා ඇමෙරිකානු ඩොලර්වලින් ගිණුම් පවත්වාගෙන යන බවත් එය එසේ වුවද එහි දෛනික කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල්වලින් මුදල් ගෙවීම් කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිණුම්වලින් මුදල් ලබා ගැනීම සාමාන්‍යයෙන් කරන කටයුත්තක් බවත් මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනත් කිසිදු හේතුවක් මත මුදල් ලබා ගැනීමේ උත්සාහයක් නොකළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment