ආචාර්ය සූරිය ගුණසේකර අභාවප්‍රාප්ත වෙයි

140

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු, ගවේෂණාත්මක ඉතිහාසඥයකු මෙන්ම ප්‍රකට ලේඛකයකු, දේශකයකු වූ මාතෘ භූමියට ආදරය කළ ආචාර්ය සූරිය ගුණසේකර මහතා ඊයේ (08 දා) අභාවප්‍රාප්ත විය.

ඒ මහතා මියයන විට 81 වැනි වියේ පසුවිය. ඔහු එක්දරු පියෙකි.

ඒ මහතා අනාදිමත් කාලයක් ‘දිවයින’ පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි ලියා පළ කළ අතර, ඔහු විසින් ලියූ “ලන්ඩන් ගිය බණ්ඩා” ලිපි පෙළ අතිශයින් පාඨකයන් අතර ජනප්‍රිය විය.

දැඩි දේශාභිමානී හැඟීමෙන් කටයුතු කළ ආචාර්ය ගුණසේකර මහතා “ලංකා ඉතිහාසයේ හෙළ යුගය” ඇතුළු පොත්පත් රැසක කතුවරයා ද විය.

එසේම, ඔහු රාවණා යුගය ගැන කළ අනාවරණයෙන් බෙහෝදෙනාගේ පැසසුමට ලක් විය.

ඒ මහතාගේ දේහය මේ වනවිට පිටකෝට්ටේ, කෝට්ටේ පාරේ, රුවන් පෙදෙසේ, අංක 454/2 හි තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම් දෙනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment