ආලේපන කුප්පියක මූඩියක් උගුරේ සිරවී අකුරැස්සේ බිළිඳියක් ජීවිතක්ෂයට

95

කුඩා ආලේපන කුප්පියක මූඩියක් උගුරේ සිරවීමෙන් අකුරැස්සේ කුඩා බිළිඳියක් මියගොස් තිබේ.

මෙලෙස කුප්පියක් සිරවී ඇත්තේ, තලහගම, කජ්ජුහේන, නොම්මර 195 නිවසේ සිටි වයස අවුරුදු 01 යි දින 15 ක් වයසැති කේ.ජී. නෙහෙන්සා සේනාධීර නමැති බිළිඳියකි.

සිද්ධිය වන අවස්ථාවේ ඇයගේ මව මුළුතැන්ගෙයි සිට ඇති අතර අවුරුදු 07 ක් වන වැඩිමහල් සොයුරා සමග ඇය නිවස තුළ සිට ඇත. ඇයගේ මිත්තනිය නිවස ආසන්නයේ ඉඩමක තේ දළු නෙලීමට ගොස් සිට තිබේ.

නැගණිය විසින් මුව තුළට දමා ගත් ආලේපන කුප්පියක් උගුරේ සිරවී ඇති බව දැක ගත් සොයුරා එය ඉවත්කර ගැනීමට උත්සාහ ගත්තද එය අසාර්ථක වූ විට එම දරුවා කෑ ගසා කී විට මව, පියා සහ මිත්තනිය පැමිණ ‍උගුරේ සිරවූ බෝතල් මූඩිය ගැනීමට උත්සාහ ගත්තද එයද අසාර්ථකවූ බැවින් දැරිය කඹුරුපිටිය මූලික රෝහල වෙත ගෙන ගොස් තිබුණි. රෝහලට ගෙන එන විටත් බිළිඳිය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment