දේශපාලනයේ පරිණත මිනිසුන් තෝරා නොගත්තොත් තව අවුරුදු 5 ක් දුක් විඳින්න සිදුවෙනවා!

135

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

පක්‍ෂ පාට භේදයකින් තොරව මම මේ ප්‍රකාශ කරන්නේ. එක එක දේශපාලන ගුණ්ඩුවලට රැවටිලා පරිණත ප්‍රමිතියක් ඇති මිනිසුන් තෝරාගත්තේ නැතිනම් තව අවුරුදු 5 ක් දුක් විඳින්න සිද්ධ වෙනවා. අවුරුදු 5 ක් දුක්විඳින කොට අවුරුදු 10 ක් රට ආපස්සට යන බව මතක තියාගන්න යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා දිවුලපිටිය බාඳුරාගොඩ ප්‍රදේශයේ සමගි ජනබලවේගයේ ඡන්ද අපේක්‍ෂක ඔස්කා ජයසේකර මහතාගේ ආරාධනයෙන් යුත් ජන රැළියකට සහභාගි වෙමිනි.

අපි දන්නවා ජනතාව මේ වෙනකොට ඉන්නේ විශාල කලකිරීමකින්. බඩු මිල ඉහළ ගිහින්, ජල බිල, විදුලිය දරන්න බැහැ. බයිසිකලයකටවත් තෙල් ටිකක් ගහන්න විදිහක් නැහැ. දරුවන්ට තුන්වේල කන්න දෙන්න විදිහක් නැහැ. අතේ සල්ලිත් නැහැ. ඒ මදිවට බදු පිට බදු ගහනවා. මෙවැනි තත්ත්වයක් තුළ මේ රටේ අනාගතයට කුමන ඉරණමක් අත්වෙයිද කියලා ගැඹුරින් හිතා බලන්න.

ඒ වගේම ඔබලා ඔබලාගේ දරුවෝ ප්‍රමතියක් ඇති දරු පිරිසක් හදන්න උත්සාහ කරනවා. හැම දෙමව්පියෙක්ම එහෙම තමයි. නමුත් ඔබලා අනාගතය භාරදෙන්නේ මෙලෝ රහක් නැති මිනිහෙකුට නම් එතන තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ඔබලාගේ දරුවන්ගේ අනාගතේ, මේ රටේ මෙලෝ රහක් නැති කෙනෙකු අතට පත්වුවහොත් ඔබලාගේ දරුවන්ට යන ඉණම ගැන හිතන්න. ඒ නිසා මෙවර නැවතත් වැරදි මිනිස්සුන්ට රට භාරදුනහොත් අත්හදා බැලිම් කරන්න හරි, වෙන දෙයක් නෑ විකල්පයක් නෑ කියලා හිතලා හරි දුරදිග නොබලා තීන්දු තීරණ ගතහොත් එහි ප්‍රතිඵලය අත්විඳින්න වෙන්නෙත් ඔබලාටමයි. ඒ නිසා මේ ගැන ගැඹුරින් කල්පනා කරලා යුගයේ අවශ්‍යතාවය අනුව කටයුතු කරන්න යැයි ඒ මහතා පැවසුවේය.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment