හේෂාට පැනවූ වාරණය 7 දා තෙක් දීර්ඝ කෙරේ

112

විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විගණන කෙටුම්පත් වාර්තාවක් පාදක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් ඇතුළු පිරිසට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 7 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24) නියෝග කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා ලේකම්වරයා විසින් නීතිඥ සංජය ෆොන්සේකා මහතා මගින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා මින් පෙර එම වාරණ නියෝගය නිකුත් කොට තිබිණි. එම වාරණය සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කිරීමට පියවර ගන්නා බව ඊයේ (24 දා) එම නඩුව කැඳවූ අවස්ථාවේදී හේෂා විතාන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් මහතා අධිකරණයට පැවසීය. එකී විරෝධතා ලබන 7 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට විනිසුරුවරයා විත්තියට නියෝග කළේය. නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි චන්දන ජයරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් සමග ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා පැමිණිලිකාර පාර්ශ්වය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment