කුසල් පමණක් පිත්තට සවිය ගනී

331

පන්දු 87 කින් ලකුණු 158 ක් ලබා ගනිමින් ඉන්දියාවේ ගුවහාති ක්‍රීඩාංගනය වර්ණවත් කළ කුසල් මෙන්ඩිස් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 294 ක් දක්වා ඉහළට ගෙන ඒමට සමත් වූයේය.

අලංකාර 6 පහර නවයක් සහ හතරේ පහර 19 ක් එල්ල කළ කුසල් ඉනිම අත්හිටුවා ක්‍රීඩාගාරයට නික්ම ගිය අතර සෙසු සියලු පිතිකරුවෝ රැස් කළේ ල්කුණු 136 ක් පමණි.

නායක දසුන් ශානක වැලමිටේ ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර ඒ අනුව නායකත්වයේ වගකීම ද කරට අරගත් කුසල්ගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 181.61 ක් විය.

කුසල්ට පසුව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ සධීර සමරවික්‍රම ලකුණු 39 ක් ලබාගත් අතර පැතුම් නිශ්ශංක ලකුණු 30 ක් ලැබීය.

මොහොමඩ් නබී ශ්‍රී ලංකා ඉනිම අඩපණ කර දමමින් ලකුණු 44 කට කඩුලු හතරක් බිඳ හෙළීය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment