රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට විදෙස් ගමන් සහනයක්

291


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.

ඇයගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම් පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එම නියෝගය කළේය.

ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයිකාවට දෙසැම්බර් මස 21දා සිට 23දා දක්වාත් ඉන් පසුව 28 වැනිදා සිට දින තුනක කාලයක් විදේශගත වීමට අවශ්‍ය ව තිබෙන හෙයින් දැනට නිකුත් කර තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment