බිත්තර පාලන මිලට වෙච්චදේ

314

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ නඩුව අද ප්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුහ.

එම අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42ක් ද රතු බිත්තර සඳහා රුපියල් 44ක් උපරිම සිල්ලර මිල නියම කිරීමට තීරණය කළ බව දැනුම් දුන්නාය.

ඒ අනුව බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු 19 වනදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවමින් අතුරු නියෝගයක් අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.එම නඩුව 2023 වසරේ පෙබරවාරි මස 06 වන දා විභාගයට ගැනීමට තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment