පාස්කු ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමේ වාර්තාව ප්‍රතික්‍ෂේප කරනවා: ශ්‍රී ලංකාවට පමණක් මෙහෙම කියන්නේ ඇයි? – ජර්මන් රූපවාහිනි සාකච්ඡාවකදී ජනපති අසයි

337

පාස්කු ප්‍රහාරය ඇතුළු කිසිදු කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කිසිදු ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් ඩොයිෂ් වෙලේ රූපවාහිනී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.

එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව ද ප්‍රතික්‍ෂේප කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරීක්‍ෂණයක් සිදුකර නොමැති බවත්, ශ්‍රී ලංකාව සහ ආසියාතිකයන්ට පමණක් මෙවැනි ආකාරයේ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ප්‍රකාශ කරන්නේ කුමන කරුණක් පදනම්ව දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කර තිබේ.

පරීක්‍ෂණ සිදුකරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් යොදාගෙන බවත් කතෝලික රදගුරු සම්මේලනයෙන් ද මේ සම්බන්ධව විමසීමක් සිදුකරන ලෙසත් ජනාධිපතිවරයා එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියාට පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment