මහබැංකු අධිපති මැණික් ගඟේ…

638

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් 02 දා කතරගම පුදබිමට පැමිණියේය. කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගත් මහ බැංකු අධිපතිවරයා පසුව ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට ගොස් දේවාශීර්වාදය ලබාගත්තේය. කතරගම පුදබිමේ දැනට සිදුකෙරෙමින් පවතින සංවර්ධනයත් මැණික් ගඟ දෙපස ඉදිවන නව පිවිසුම් ප්‍රාකාරයත් නිරික්ෂණය කළ හෙතෙම ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව සඳහන් කළේය. මෙම අවස්ථාවට සිවිල් ආරක්ෂක බළකායේ කතරගම කඳවුරේ අණ දෙන නිලධාරී කසුන් කිත්සිරි මහතා ද එක්විය.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment