මැටහෝන් කන්ද තරණය කිරීමට ජයන්ති කුරුඋතුම්පාල දිවයිනෙන් යයි

95

ලොව උසම කඳු මුදුන වන මීටර් 8849 ක් උස එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කඳු නැගීමේ ශූරිය වන ජයන්ති කුරුඋතුම්පාල ලොව තවත් ප්‍රකට කඳු මුදුනක් වන ස්විට්සර්ලන්ත ඉතාලි සීමාවේ ඇති මැටහෝන් කන්ද තරණය කිරීම සඳහා අගෝස්තු 28 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

මීටර් 4478 ක් උසැති ‘මැටහෝන්’ කඳු මුදුන එවරස්ට් කන්දට වඩා අභියෝගාත්මක කඳු තරණයක් වන බවත් මෙහිදී පාෂාණමය හා අයිස් (ග්ලැයිසර) මතින් දැඩි බෑවුමක් තරණය කිරීමට සිදුවීම දැවැන්ත අභියෝගයක් වනු ඇති බව ද ඊයේ (22 දා) කොළඹදී මාධ්‍ය හමුවකට එක් වූ ජයන්ති කුරුඋතුම්පාල පැවසුවාය.

කඳු නැඟීම ඇතුළු විශේෂයෙන් ම ශ්‍රී ලාංකික කාන්තාවන් හා ගැහැනු දරුවන් මුහුණදෙන සමාජ අභියෝග ජය ගැනීම සඳහා මෙම කඳු තරණය ‘ක්ලයිම්බ් ලයික් අ ගර්ල්” – (climb like A Girl) ලෙස තමා විසින් නම් කරන ලද බවද, තමන්ගේ මෙම අභියෝගාත්මක කඳු තරණය වෙනුවෙන් ආයතන රැසක් අනුග්‍රාහක දායකත්වය ලබාදෙන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

‘මැටර්හෝන්’ කඳු මුදුන ජය ගැනීමෙන් අනතුරුව ජයන්ති කුරුඋතුම්පාල සැප්තැම්බර් 15 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

පින්තූර – නිශාන් එස්. ප්‍රියන්ත

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment