දංකොටුවේ මාළු අපනයන ආයතනයක විෂ දුමාරයක්

66

සේවකයෝ 31 ක් රෝහලට

දංකොටුව, හාල්දඬුවන ප්‍රදේශයේ පිහිටි මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක හදිසියේ ඇති වූ කිසියම් විෂ දුමාරයක් හේතුවෙන් සේවක සේවිකාවන් 31 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

මාළු තොග ගබඩා කර ඇති අධිශීතකරණ ආශ්‍රිතව පෙරේදා (21 වැනිදා) පස්වරුවේ මෙම විෂ දුමාරය හටගෙන තිබේ.

එහිදී ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම සේවක සේවිකාවන් රෝහල්ගත කර තිබිණි.

වෙන්නප්පුව සහ ලුණුවිල ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කළ සේවක පිරිසගේ තත්ත්වය බරපතළ නොවන බවත්, එයින් සේවිකාවන් 20 දෙනෙකු පෙරේදා රාත්‍රි වන විට ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment