‘225 න් කවුරුවත් තීරු බදු රහිත වාහන බලපත් ඉල්ලා නෑ’ – දිවයින පුවත වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්න කියති

89

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කිසිවකු මේ වන තෙක් තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා නැතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ පසුගිය 20දා ‘225 ම බදු නැති වාහන ඉල්ලති’ මැයෙන් පළවී තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු එලෙස ඉල්ලීමක් කර නැති බැවින් අදාළ ප්‍රවෘත්තිය පළ කිරීමට කටයුතු කළ සියලු දෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ද කියා සිටියේ මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉල්ලා කළ කිසිම යෝජනාවක් මුදල් අමාත්‍යාංශය වෙත ලැබී නොමැති බවය.

ජගත් කුමාර සුමිත්‍රආරච්චි සහ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මන්ත්‍රීවරු ද මෙම කාරණය වරප්‍රසාද කමිටුව හමුවට පමුණුවන ලෙස ඉල්ලා සිටියහ. එහිදී මෙම කරුණ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන බවට කථානායකවරයා පොරොන්දු විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment