INSEE Ecocycle පෙරළිකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් හරහා චක්‍රීය ආර්ථිකයක් කරා

78

ශ්‍රී ලංකාව ලෝක පරිසර දිනය සමරන මේ මොහොතේ, චක්‍රීය ආර්ථිකයේ මූලධර්ම ඔස්සේ නිර්මාණශීලී අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමේ පුරෝගාමියෙකු වශයෙන් INSEE Ecocycle මෙරට අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටී. තිරසාරත්වය වෙනුවෙන් කැපවෙමින්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවලට සමගාමීව, අපද්‍රව්‍ය එක්රැස් කිරීම, කළමනාකරණය කිරීම සහ බැහැර කිරීම සම්බන්ධ පෙරළිකාරී විසඳුම් රැසක් හඳුන්වා දීමට INSEE Ecocycle සමත් වී ඇත. චක්‍රීය ආර්ථිකයේ මූලධර්ම අනුව යමින්, හුදෙක් අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සහ කළමනාකරණය කිරීම යන සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, අපද්‍රව්‍ය වටිනා සම්පතක් බවට පරිවර්තනය කිරීම INSEE Ecocycle හි අරමුණයි. INSEE Ecocycle සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය ලෙස INSEE Ecocycle හි ගමන්මග ආරම්භ වූයේ 2003 වර්ෂයේදී ය. ඒ, සිමෙන්ති නිෂ්පාදනය සඳහා විකල්ප ඉන්ධන සහ අමුද්‍රව්‍ය ලෙස දහයියා සහ කාර්මික අපද්‍රව්‍ය භාවිතා කිරීම ආරම්භ කිරීම තුළිනි. එතැන් පටන් තම මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් INSEE Ecocycle මේ වනවිට අන්තරායකර අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, ස්වාභාවිකව දිරා නොයන නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සහ සිය තාපවිච්ඡේදන (Pyrolyiss) කර්මාන්තශාලාව හරහා අණුක ප්‍රතිචක්‍රීකරණය සිදුකිරීම ආරම්භ කර ඇත. “අපද්‍රව්‍ය යනු බරක් නොව අවස්ථාවක් ලෙස දැකිය යුතු බව INSEE Ecocycle හි විශ්වාසයයි. අපද්‍රව්‍ය කළමනාකරණය විප්ලවීය වෙනසකට ලක්කරමින්, ඒවා මිනිසුන්ගේ ජීවන තත්ත්වය වඩාත් යහපත් කිරීම සඳහා භාවිතා කළ හැකි වටිනා සම්පතක් බවට පත්වන තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා.” INSEE Ecocycle හි කළමනාකාර අධ්‍යක්ෂ සුජිත් ගුණවර්ධන මහතා පැවසී ය.

advertistmentadvertistment
advertistmentadvertistment