හක්බෙල්ලන් තිස්දහසක් සඟවාගෙන සිටි කතක ඇතුළු තිදෙනෙක් දැලේ

31

නීති විරෝධී ලෙස හක්බෙල්ලන් 30,000 ක් නිවසක සඟවා ගෙන සිටි කාන්තාවක් ඇතුළු තිදෙනකු මන්නාරම පොලිසිය විසින් ඉකුත් 17 දා අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මන්නාරම පොලිසිය වෙත ලබා දීමෙන් පසුව අදාළ නිවස පරීක්ෂා කොට නීති විරෝධී හක්බෙල්ලන් හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවස පරීක්ෂා කිරීමේදී මෙම හක්බෙල්ලන්ට අමතරව මුහුදු කූඩැල්ලන් 700ක්, වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 19ක් හා වෙනත් කුඩා ප්‍රමාණයේ හක්බෙල්ලන් 17000ක්ද පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම නිවසේ අයිතිකාරියට මුහුදු කූඩැල්ලන් ළඟ තබා ගැනීම සඳහා බලපත්‍රයක් ඇති නමුත් එම බලපත්‍රය කල්ඉකුත් වී ඇති අතර එහි සඳහන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක මුහුදු ද්‍රව්‍ය නිවසේ ගබඩා කොට තිබීම නිසා ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මන්නාරම පොලීසිය පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment