අනුරාධපුර රිය අනතුරකින් සංගීත ශිල්පියා මරුට

134

අනුරාධපුර පාදෙණිය ඒ -28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී ඊයේ (8දා) සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කැකිරාව මාර්ගයේ, තලාව නගරයට ආසන්නව පදිංචිව සිටි ගෝවින්දගේ ඉශාන් නිමන්ත නැමති 23 හැවිරිදි සංගීත ශිල්පියකි.

ඊයේ (8 දා) අලුයම 5.15ට පමණ අනුරාධපුර දෙස සිට තලාව ප්‍රදේශයට යතුරුපැදියකින්

ගමන් කරමින් සිටි මෙම තරුණයා තලාව ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට දී එම යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව තලාව පොලිසිය කියයි.

අධික වේගයෙන් පැමිණ ඇති මරණකරුට නින්ද යෑම හේතුවෙන් යතුරු පැදිය පාලනයෙන් ගිලිහී ගොස් ගසේ වදින්නට ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කළේය. මරණකරු තරුණ සේවා යොවුන් සංගීත කණ්ඩායමකට අනියුක්තව සංගීත ශිල්පියකු ලෙස කටයුතු කරමින් සිටි අයකු බවද මෙහිදී පොලිසිය පැවසීය.

තලාව පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලංසක්කාර, රථ වාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි, උප පොලිස් පරීක්ෂක අමල්, පො.සැ. රාජකරුණා (35052) පො.සැ. ධම්මික, (50911) යන නිලධාරී වූ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරත.ි

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment