ඩෙංගු මාරයා යාපනේ උපාධිධාරිනියක බිලිගනී

61

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ උපාධිධාරිනියක් ඩෙංගු රෝගයට ගොදුරුවීම නිසා ඊයේ (17 දා) යාපනය ශික්ෂණ රෝහලේ දී මියගොස් තිබේ.

සංගරී මහාලිංගම් ශිවගුරු නමැති ඇය යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර නල්ලූර් ප්‍රදේශයේ ජනප්‍රිය ගුරුවරයකුගේ බිරිඳ වෙයි.

එක්දරු මවක් වන ඇය උණ රෝගයෙන් පෙළීම නිසා රෝහල් ගතකොට ඇති අතර රෝහලේ දින පහක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.

මියගිය කාන්තාව සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ඩෙංගු රෝගයෙන් මියගිය බව සනාථ වී ඇත. මේ වනවිට යාපනයේ ඩෙංගු රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන අතර මේ වසරේ මුල් දින 15 ඇතුළත යාපනයෙන් ඩෙංගු රෝගීන් 5028 ක් වාර්තා වී තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment