ශ්‍රී ලංකා කාන්තාවෝ අද ගෞරවය රැකගැනීමේ සටනක

129

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් යුතු එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (07 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.

පළමු තරග දෙක පහසුවෙන් ජයගත් ඉන්දීය කණ්ඩායම 2-0 ක් ලෙස මේ වන විටත් තරගාවලිය ජයග්‍රහණය කර ඇති අතර මෙම තරගය හෝ ජයගෙන ගෞරවාන්විත අවසානයක් තරගාවලියට උදාකර දීමේ අරමුණෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග බිමට පිවිසේ.

ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ජාත්‍යන්තර එක්දින තරග 31ක් පවත්වා ඇති අතර ඉන් තරග 28ක් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වී ඇති අතර තරග 2ක් පමණක් ජය ගැනීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – චමරි අතපත්තු, හසිනි

පෙරේරා, හංසිමා කරුණාරත්න, හර්ෂිතා

සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිද සිල්වා,

අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, රශ්මි සිල්වා,

ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න

ඉන්දීය කණ්ඩායම – හර්මන්ප්‍රිට් කෟර්, ෂෆාලි

වර්මා, ස්මෘති මන්ධනා, හස්ටිකා භාටියා,

හර්ලීන් ඩියෝල්, දීප්ති ෂර්මා, රීචා ගෝස්, පූජා

වස්ට්‍රකර්, රේනුකා සිං, රාජේස්වරී ගයික්වඩ්, මේඝ්නා සිං.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment