රක්‍ෂිත කැලෑ ගිනි තැබීමෙන් ජල උල්පත් සිඳී යෑමේ අවදානමක්

93

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමග මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවල පිහිටි රක්‍ෂිත කැලෑවලට ඇතැම් පිරිස් විසින් ගිනි තැබීම හේතුවෙන් ජල උල්පත් සිඳී යෑමේ තර්ජනයට ලක්ව තිබේ.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ ඉස්මත්තේ පිහිටි ශ්‍රීපාද රක්‍ෂිතයට මායිම්ව ඇති රක්‍ෂිත වනාන්තරවලට මෙසේ ගිනි තැබීමෙන් මේ වන විට අක්කර සිය ගණනක් විනාශයට පත්ව තිබේ.

වන සතුන් දඩයම් කිරීම හා විනෝදය අරමුණු කරගෙන ඇතැම් සංවිධානාත්මක පිරිස් මෙම ගිනි තැබීම් සිදුකරන බව ප්‍රදේශවාසී ජනතාව පවසති. මෙසේ ගිනි තැබීම් සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment