උද්ධමනය 12% දක්වා පහතට

79

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය මැයි මාසයේ පැවති සියයට 25.2 සිට ජුනි මාසය අවසානයේ දී සියයට 12 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

මැයි මාසයේ සියයට 21.5 ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 4.1 ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩු වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මැයි මස සියයට 27 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 16.2 දක්වා ද පහත වැටී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment