වාලම්පුරි දෙකක් සමග අයෙක්  මුතූර්වලදී එස්.ටී.එෆ්. එකට මාට්ටු

388

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ අධික වටිනාකමකින් යුත් වාලම්පුරි දෙකක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පෙරේදා (06 වැනිදා) මුතූර් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුතූර් පොලිස් වසමේ, තාරික් පාර, නෙයිදල් නගර් ප‍්‍රදේශයේදී අධික වටිනාකමින් යුත් වාලම්පුරි දෙක සහ ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා කලවංචිකුඩි විශේෂ කාර්ය බළකා දෙවැනි කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට

ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ වාලම්පුරි දෙක වැඩිදුර විමර්ශන සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මුතූර් පොලිසිය වෙත භාරදී ඇත. විශේෂ කාර්ය බළකා කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට වාලච්චේන යුද හමුදා කඳවුරේ බුද්ධි අංශයෙන් දී තිබූ තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ කලවංචිකුඩි කඳවුරේ දෙවැනි කඳවුර අණදෙන නිලධාරී පො.ප. ටී. එම්. එම්. යූ. කේ. බී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.

ප‍්‍රභාත් විතාන,  ප‍්‍රදීප් සමරකෝන් සහ  ඇන්ටන් ප‍්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment