පිහිනුම් තටාකයේ ගිලී සිසුවා මියයයි – මිහින්තලේ විශ්වවිද්‍යාලයේ ඛේදවාචකය

490

මිහින්තලේ පිහිටි රජරට විශ්වවිද්‍යාලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය විශ්වවිද්‍යාල සිසුවෙකු පෙරේදා (27 දා) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 125, ඒ කලාපය, කොක්කුවිල්, මඩකලපුව ලිපිනයේ පදිංචි මුරුගදාස් තිලක්ෂන් නමැති 21 හැවිරිදි සිසුවෙකි.

රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් පිරිසක් සමග පෙරේදා (27දා) සවස 5.00ට පමණ විශ්වවිද්‍යාල භූමියේ පිහිනුම් තටාකයට දිය නෑම සඳහා ගොස් සිටියදී සවස 6.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුරින් පසු සිසුවා මිහින්තලේ රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව රෝහලේ වෛද්‍යවරයෙකු පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා ලබා දීමෙන් අනතුරුව, හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවද පොලිසිය සඳහන් කළේය.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment