වැට් සමඟ බිත්තරෙත් රු. 4 කින් නගී – සතොසත් රු. 8 කින් ඉහළ දමයි

49

වැට් වැඩි කිරීමත් සමඟ දේශීය සුදු හා රතු බිත්තරයක මිල මෙම සතියේ සිට රුපියල් 4 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (21 දා) පැවසීය.

මේ වන විට දේශීය වෙළෙඳපොළේ සුදු බිත්තරයක් රුපියල් 45 ත් 46 ත් අතර මිලකට ද, රතු බිත්තරයක් රුපියල් 47 කට ද අලෙවි වන බව හෙතෙම කීය.

මේ අතර සතොස හරහා රුපියල් 35 කට අලෙවි කළ ආනයනික බිත්තරයක මිල රුපියල් 8 කින් ඉහළ දැමූ බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

ඒ අනුව මෙම සතියේ සිට ආනයනික බිත්තරයක මිල 43 ක් වන බව ඇමැතිවරයා කීය.

මේ අතර දින කීපයක සිට සතොස තුළ ආනයනික බිත්තර නොමැති බවට පාරිභෝගික ජනතාව චෝදනා කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment