කාන්තාවන්ට නිදහසේ නිදාගන්නත් නෑ : ඇළහැර ෆොටෝ කොබා වහා අල්ලනු!

1093

ඇළහැර සරුබිම ගම්මානයේ මේ දිනවල අලුයම් කාලයේ නිවෙස්වලට පැමිණ කාන්තාවන් නිදා සිටින කාමරවල ජනෙල්වලින් ඡායාරූප ගන්නා පුද්ගලයකු සැරිසරන නිසා කාන්තාවන් බියට පත්ව සිටිති.

මෙම පුද්ගලයා නිවසකට පැමිණ කාන්තාවකගේ ඡායාරූප ගන්නා අවස්ථාවේ අයිතිකරු සහ ගම්වැසියන් එක්ව ඔහු අල්ලා ගැනීමට උත්සාහ කළද නොහැකි වී තිබේ.

මේ දිනවල පවතින අධික රශ්නය නිසාත්, විදුලි බිල අධික නිසාත් කාන්තාවන් විදුලි පංකා පාවිච්චි නොකර ජනෙල් ඇර කාමරවල නිදාගන්නා බැවින් මෙම පුද්ගලයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඡායාරූප ගන්නා බව ගම්වැසියෝ පෙන්වා දෙති.

මීට පෙරද මෙම ගම්මානයේ නිවසකට ඇතුළු වූ සොරෙකු තරුණියක් නිදා සිටි නිවසක කාමරයකට ඇතුළු වී රුපියල් 50000 ක් පමණ වටිනා දුරකථනයක් සොරකම් කර ඇති බවත්, මෙම සොරකම පිළිබඳ බකමූණ පොලිසියට පැමිණිළි කර ඇතත්, මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී නැත.

ඇළහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment