මින්නු හෙට එනවා

152

සිනමා ක්ෂේත්‍රයේ දීර්ඝකාලයක් සැරිසැරූ අශෝක ආතාවුදහෙට්ටිගේ දෙවන සිනමා නිර්මාණය වන ‘මින්නු’ හෙට (24 වැනිදා) සිට රිද්මා මණ්ඩලය ඇතුළු දිවයින පුරා පිහිටි සිනමාහල් රැසක තිරගත වීමට නියමිතය. ඔහු මෙයට ප්‍රථම කන්දක් සේමා (2023) සිනමා සිත්තම ප්‍රේක්ෂකයා වෙත ගෙන එන ලදි. ඉදිරියේ දී තිරගත කිරීමට සැලසුම් කර ඇති ආදර අන්තය ඔහුගේ තෙවන සිනමා නිර්මාණයයි. 1974 වසරේ දී බෙකට් සහ හරිම බඩු හයක් වැනි වේදිකා නාට්‍ය තුළින් රංගන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඔහු වේදිකා පරිපාලන ශිල්පියකු, ගුවන් විදුලි හා රූපවාහිනී හඬකැවීම් ශිල්පියකු, සහාය සංස්කරණ ශිල්පියකු දේශීය හා විදේශිය චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදන සැලසුම්කරුවකු, කලා අධ්‍යක්ෂවරයකු හා වාර්තා වැඩසටහන්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසත් දීර්ඝ කාලයක් කලා ක්ෂේත්‍රයේ විවිධ අංශයන්හි නියැලි චරිතයකි.

මෙහි කතාව සහ තිර රචනය සම්මානනීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධගෙනි. නිෂ්පාදනය-රේණුකා බාලසූරිය, සුනිල් ටී. ප්‍රනාන්දු විසිනි. කැමරා අධ්‍යක්‍ෂණය සහ ආලෝකකරණය, විශ්වා බාලසූරියගෙනි.

මින්නු හෙට එනවා
සුනිල් ටී. ප්‍රනාන්දු
මින්නු හෙට එනවා
රේණුකා බාලසූරිය
මින්නු හෙට එනවා
අශෝක

‘මින්නු’ චිත්‍රපටයේ රංගන දායකත්වය සපයන්නේ හර්ෂ තෙන්නකෝන්, මේනකා පීරිස්, තිසරි වත්සලා, සෙනංගා කැප්පෙටිපොල, චාන්දනී සෙනෙවිරත්න, වසන්ත කොටුවැල්ල, වීණා ජයකොඩි, දිල්හානි අශෝකමාලා, ගයනි ගිසන්තිකා, නීතා සමරනායක, කෞෂල්‍යා ප්‍රනාන්දු, සුජානි මේනකා, ජයනි සේනානායක, අයිරාංගනී සේරසිංහ, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, විශ්වජිත් ගුණසේකර, දසුන් පතිරණ, මංගල ප්‍රනාන්දු, වර්නන් අබේසිංහ, සුජිත් ගුණරත්න විසිනි. මෙහි ගරු රඟපෑම් පූජා උමාශංකර්, රේණුකා බාලසූරිය ගෙනි.

මින්නු හෙට එනවා

දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment