සුමති ටෙලි සම්මාන උළෙලින්…

2538

29 වැනි සුමති ටෙලි සම්මාන උළෙල පසුගිය 20 වැනිදා අත්උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී ජයවර්ධනපුර මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී නළු නිළියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී 2022 සහ 2023 යන වසරවලදී විකාශනය වුණු ටෙලිනාට්‍ය සහ රූපාවාහිනී වැඩසටහන් සඳහා සම්මාන පිරිනැමීම සිදුකෙරිණි. මෙහිදී අඳුන්ගිර, තුම්පනේ,එයා දැන් බැඳලා,කොඩි ගහ යට ටෙලිනාට්‍යවලට සම්මාන රැසක් හිමිවිය.

මෙහිදී 2022 වසර සඳහා හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස අභිශේක ගැන්වූයේ අඳුන්ගිර ටෙලිනාට්‍යයේ විශිෂ්ඨ රංගනයක නියැළුණු නයෝමි තක්ෂිලාට සහ 2023 වසර සඳහා හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස අභිශේක ගැන්වූයේ එයාදැන් බැඳලා ටෙලිනාට්‍යයේ සුද්දිගේ චරිතයට ජීවය දුන් සේමිණී ඉද්දමල්ගොඩටය.

සුමති ටෙලි සම්මාන උළෙලින්…
සුමති ටෙලි සම්මාන උළෙලින්…

2022 හා 2023 වසරවල හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍රවූයේ තුම්පනේ ටෙලිනාට්‍යයේ රඟපෑ මධුර ප්‍රභාෂ්වර හා කොඩිගහයට ටෙලිනාට්‍ය නිර්මාණය කළ ජගත් මනුවර්ණටය.

29 වැනි සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය වූයේ දුශේනි මියුරංගි සහ සාරංග දිසාසේකරටය. වසරේ ජනප්‍රිය ටෙලිනාට්‍ය වූයේ හිරු ටීවී නාලිකාවේ විකාශනය වුණු දිවිතුරු ටෙලිනාට්‍යටය. සුමති ටෙලි සම්මාන උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක් ඉහතින් දිස්වේ.

සුමති ටෙලි සම්මාන උළෙලින්…
සුමති ටෙලි සම්මාන උළෙලින්…

ඡායාරූප- නෙක්සස් ක්‍රියේෂන්ස්

advertistmentadvertistment
advertistmentadvertistment