පෝට් සිටි මනමාලි 2025 දී පෝරුවට

704

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් 2025 වසර වනවිට අවසන් කර එය වෙළෙඳ නගරයක් බවට පත් කිරීමට හැකිවනු ඇති බවත් එවිට එය ලොව ප‍්‍රමුඛතම වරාය නගරයක් බවට පත්වනු ඇති බවත් ශී‍්‍ර ලංකාවේ චීන තානාපති චී සෙන්හොංග් මහතා පවසයි.

චීනය කොළඹ වරාය නගරය සඳහා දැනට ඩොලර් බිලියන 1.5ක් ආයෝජනය කර ඇති බවත් තවත් ඩොලර් බිලියන 15ක් එහි ආයෝජනයට සූදානම් බවත් හෙතම සඳහන් කරයි. කොළඹ වරාය නගරයේ චීන ආයෝජකයන් රැසක් ව්‍යාපාර ආරම්භ කිරීමට සූදානම් බවත් ඕනෑම ආයෝජකයකුට මෙහි ආයෝජනය සඳහා හැකියාව ඇති බවත් චීන තානාපතිවරයා සඳහන් කරයි.

ශී‍්‍ර ලංකාවේ පිහිටීම අනුව එය අතීතයේ දී මෙන් නැවත වරක් ආසියාවේ වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කරන බවත් චීන තානාපති චී සෙන්හොංග් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment