විශේෂඥ වෛද්‍යවරයාට සාධාරණත්වය ඉල්ලා කරාපිටියේ විරෝධතාවක්

66

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට සාධාරණත්වය ඉටුකරන ලෙස ඉල්ලමින් දැවැන්ත විරෝධතාවක් ඊයේ (21දා) පෙරවරුවේ දී ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිටදී පැවැත්විණි.

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට ආදරය කරන රෝගීන් වෛද්‍යවරු, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සංවිධන ක්‍රියාකාරින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ. විරෝධතාකරුවන් කරාපිටිය රෝහලේ පිළිකා රෝහල අසල සිට පාගමනින් පැමිණ රෝහල ඉදිරිපිට සිට විරෝධතාවයේ නිරත වූහ.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

දොස්තරට පහරදුන් කනිෂ්ඨ සේවකයෝ තිදෙනෙක් අත්අඩංගුවට

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදීම සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.

මින් කණිෂ්ට කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු 20දා රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇති අතර අනික් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයා 21දා උදෑසන අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසයි. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට පහරදුන් බවට ලැබී ඇති සාක්ෂි අනුව අනාවරණය වූ තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිසිය පවසයි. ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එස්. ජයවීර මහතාගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment