ලන්ඩනයේ දරුණු ජලගැලීම්වලින් රෝහල්, නිවාස හා මහාමාර්ග යටවෙයි

251

ධාරානිපාත වර්ෂාවත් සමගම හටගත් මහා ජල ගැලීම් හේතුවෙන් ලන්ඩන් නගරයේ මහා මාර්ග, නිවාස රෝහල් හා බස්/දුම්රිය නැවතුම්පළවල් ඊයේ (26දා) දිනය වන විට ජලයෙන් යට වී තිබේ. මෙම ජල ගැලීම් හේතුවෙන් නැගෙනහිර ලන්ඩනයේ පිහිටි රෝහල් දෙකක හදිසි ප‍්‍රතිකාර එකක ජලයෙන් යට වීම හේතුවෙන් එම රෝහල්වලට නොපැමිණ වෙනත් රෝහල් වෙත යන ලෙස එම රෝහල් බලධාරීන් විසින් සිය රෝගීන්ගෙන් ඉල්ලීම් කර තිබේ.

 මෙසේ ජල ගැලීම්වලින් යට වී ඇති නැගෙනහිර ලන්ඩනයේ පිහිටි ‘‘විප්ස් ක්‍රොස්” රෝහලේ විදුලිබලය ඇනහිටීම හේතුවෙන් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ රෝගීන් 100 දෙනකු පමණ රෝහලෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. ජලගැලීම් දරුණු මට්ටමේ පැවතීම හේතුවෙන් අදාළ රෝහල්වලට අයත් ගිලන් රථ පවා ඉවත් කරගෙන ඇති බව වාර්තා වී තිබේ. ලන්ඩනයේ ගිනි නිවීමේ හමුදාවට ඊයේ වන විට ජල ගැලීම් අනතුරු සම්බන්ධ දුරකථන ඇමතුම් 1000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබී ඇත. ලන්ඩනයේ හටගත් ජලගැලීම්වලට කොටු වී ජලයට ගසා ගෙන යමින් තිබූ මෝටර් රථවල සිර වී සිටි පුද්ගලයන් මෙන්ම ජලයෙන් යට වූ නිවාසවල සිර වී සිටි පුද්ගලයන්ද ගිනි නිවන හමුදා භටයන් විසින් බේරා ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment