පොල්ගම්පොල සහ ටෙනිසන් 8 දා තෙක් යළි රිමාන්ඩ්

55

පරිසර ආරක්‍ෂණ බලපත්‍රයක් ලබාදීම සඳහා දැවිතෙල් පිරිපහදු කිරීමේ සමාගමක නියෝජිතයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද අනුරුද්ධ පොල්ගම්පල හා ටෙනිසන් ෆොන්සේකා යන සැකකරුවන් දෙදෙනා ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (24 දා) නියෝග කළේය.

එම සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම්ගේ, නීතිඥ තේජිත කෝරළගේ හා ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ගනේෂ් පතිරගේ මහතාද අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ඉන් දින දෙකකට පසුව ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment