මල්වානේ හොර ස්ටිකර් ඇල්ලුවේ අපි හෙළි කළ කරුණු අනුව

693

මල්වානේ හොර මත්පැන් ස්කාගාරය වැටලුවේ අපේ කමිටුවෙන් හෙළිදරව් වූ කරුණු අනුවයි. මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අල්ලන්න. හිඟ සුරා බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කරන්න අපේ කමිටුවෙන් නියෝග කළා.

අපි මේ ක්‍රියාවලිය නවත්වන්නෙ නෑ යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙරේදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ පාඨලී රණවක මහතා.

මෙතන මත්පැන් බලපත්‍ර පිළිබඳ ප්‍රශ්නය ගැන දැන් විපක්ෂ නායකතුමා ඇහුවා. මුදල් රාජ්‍ය ඇමැතිතුමා උත්තර දුන්නා. මේ නියෝගය නිකුත් කළේ අපේ කාරක සභාවෙන්. අවුරුදු හතරක් මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් අරන් තිබුණේ නෑ. පසුගිය අගෝස්තු 10 වැනිදා මේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඉස්සරහ මේ රටේ ව්‍යාජ ස්ටිකර් සහිත, අරක්කු බෝතල් සැරිසරන බව ඔප්පු වුණාට පස්සේ, තමයි අපි නියෝග නිකුත් කළේ මේවා අත්අඩංගුවට ගන්න කියලා. ඔබතුමාට මම කියන්න ඕනේ අත්අඩංගුවට ගන්න මත්පැන් බෝතල්වලින් 99% ක් ව්‍යාජ ස්ටිකර් සහිත ඒවා. ඒ වගේම අපිට වාර්තා වුණා සුරාබදු දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම බරපතළ විදිහට අඩු වෙලා තියෙනවා කියලා. නමුත් ඒ ආදායම අඩුවීමට හේතුව හැටියට ඔවුන් දැක්වූයේ මත්පැන් බෝතලයක මිල ඉහළ ගිහිල්ලා තියෙන නිසා මිනිස්සු නීති විරෝධී මත්පැන්වලට, කසිප්පුවලට ඇබ්බැහි වෙලා කියලා. නමුත් අපිට පෙනී ගියා මේ රට ස්ථාන ගණනාවක කසිප්පු වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරලා මේ ව්‍යාජ ස්ටිකර් අලවලා තිබෙන බව. ඒ පිළිබඳව දැන් ඔප්පු වෙලා තියෙනවා. අපේ කමිටුව මගින් මේ එළිකරපු කාරණය දැන් ඔප්පු වෙලා තියෙනවා. පසුගියදා මල්වාන ප්‍රදේශයේ හොර ස්කාගාරයක් හා හොර ස්ටිකර් ප්‍රමාණයක් එක්ක මත්පැන් බෝතල් දහස් ගාණක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මම ස්තුතිවන්ත වෙනවා මුදල් අමාත්‍යාංශයට පමා වී හෝ මේ පියවර ගන්න කියපු එක ගැන. අපි තමයි එහි නියෝගය දුන්නේ, ඔක්තෝබර් 30 ට පෙර බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කරන්න කියලා.

advertistmentadvertistment
advertistmentadvertistment