අධිවේගය ඉක්මනින්ම ඩිජිටල් වේවි

256

මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු සේවකයන් ලෙඩ නිවාඩු දමා ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ පොලිසියට පැමිණිලි කළ බව මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.

එම වෘත්තීය ක්‍රියා මාර්ගයේ දී සේවකයන් විසින් අධිකාරියට අයත් සියලු දේපළ ඔවුන්ගේ භාරයට අරගෙන තිබෙන බවත් එය රාජ්‍ය ආදායම අහිමි කිරීමේ බරපතළ වරදක් බවත් ඇමැතිවරයා කීය.

එබැවින් එම සියලු යන්ත්‍ර සූත්‍ර උපකරණ සහ දේපළ හමුදාවට භාර දෙන ලෙසත් ඒ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

එහිදී ප්‍රශ්නයක් අසමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසා සිටියේ “අධිවේගී මාර්ග විකිණීමට හෝ බදු දීමට අපේක්ෂා කරනවා ද කියලා අහන්න ඕනා” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ “බදු දෙන්නෙත් නෑ, විකුණන්නේත් නෑ. කිසිම සේවකයකුගේ රැකියා අහිමි වෙන්නේ නෑ” යනුවෙනි.

රජයේ වත්කම් පෙන්වීම වෙනුවෙන් මාර්ග පද්ධතිය පිළිබඳ වත්කම් මුදල් අමාත්‍යංශයට පවරා ඇතත් එහි සේවකයන් සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ මාර්ග අධිකාරිය විසින් බවත් ඇමැතිවරයා කිවේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment