සහල් අතිරික්තයක් තිබියදී රටින් ගේන්නෙ කොමිස් ගහන්නද

127

නාමල් කරුණාරත්න

“මේ පාර මහ කන්නෙන් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් තිබියදී සහ රටේ අතිරික්ත වී හා හාල් ප්‍රමාණයක් තියෙද්දී රටින් හාල් ගෙන්නන්නේ කොමිස් ලබාගන්න ද” යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ 21 දා පැවති මාධ්‍ය හමුවකදීය. රජය උත්සව සමය වෙනුවෙන් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අනුමැතිය ලබා

ගැනීමට විරුද්ධව අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය.

එහිදී ඔහු මෙසේද කීවේය.

පිටරටින් ගෙන්නන්න යන හාල් කිලෝ කෝටි 10න් එක රුපියල ගාණේ කොමිස් ගැහුවත් කාගේ හරි සාක්කුවට කෝටි 10ක් ගහගන්නයි මේ යන්නේ. රටේ වැව් ඔක්කොම වාන් දානවා. මහකන්න පිළිබඳ අවිනිශ්චිතභාවයක් නෑ.

මේ තීන්දුව ගත්තේ හාල් මිල පාලනය කරන්නලු. ඒකෙන් පාලනය කර ගන්න බැරි වුණොත් තවත්

ගේනවාලු. දැන් බිත්තර ගෙනාවා. මිල පාලනයක් වුණේ නැහැ. අපිට දවසකට කෑමට අවශ්‍ය වෙන්නේ හාල් කිලෝ ලක්ෂ 65ක්. අවුරුද්දකට අපට අවශ්‍ය වෙන්නේ මෙටි්‍රක් ටොන් ලක්ෂ 24ක්. වීවලින් ගත්තොත් මෙටි්‍රක් ටොන් ලක්ෂ 36ක්. මේ යල කන්නේ අපි මෙටි්‍රක් ටොන් ලක්ෂ 15ක් වී අස්වැන්න ගත්තා. ඊට කලින් මහ කන්නයේ මේ අවුරුද්දට අදාළව වී අස්වැන්න මෙටි්‍රක් ටොන් ලක්ෂ 30ක් අපි ගත්තා. එවිට මේ අවුරුද්දට අදාළව වී අස්වැන්න මෙටි්‍රක් ටොන් ලක්ෂ 45ක් රටට ඇවිත් තියෙනවා. අපිට ඕන ලක්ෂ 36යි. ඒ ලක්ෂ 36ත් තුන්වේලම කනවා නම් පමණයි.
මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment