උසාවියේදී නඩුකාරයාට ලේසර් කිරණ අල්ලලා

166

කඩුවෙල අධිකරණයේ නඩු විභාග වෙමින් තිබියදී මහෙස්ත්‍රාත්වරිය දෙසට ලේසර් කිරණ උපකරණයක් ඇල්ලූ පුද්ගලයකු කඩුවෙල පොලිසිය මගින් පෙරේදා (14දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු දෙවරක්ම ලේසර් උපකරණයෙන් ආලෝකය එල්ල කර ඇති බව පොලිසිය කියයි.

මේ හේතුව නිසා නඩු විභාගය විනාඩි කීපයක් නතර කර යළිත් එය ආරම්භ කළ බව කඩුවෙල පොලිසියේ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම සැකකරු ද නඩුවක් සම්බන්ධව මෙම අධිකරණයට පැමිණ ඇත.

මහෙස්ත්‍රාත්වරයාට ලේසර් කිරණ ඇල්ලූ පුද්ගලයා පිළිබඳව එම අධිකරණයේ නිලධාරියෙකු කඩුවෙල පොලිස් අධිකරණ කටයුතු භාර කොස්තාපල් කෝසලට දැනුම් දීමෙන් පසු මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment