ශූරතා ද්විත්වයම මහනුවරට – සමස්ත ලංකා පාසල් ක්‍රීඩා හොකී තරගාවලිය

100

කිංග්ස්වුඩ් විදුහලට බාලක ශූරතාව ද මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලට බාලිකා ශූරතාව ද හිමිකර දෙමින් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා හොකී තරගාවලිය නිමාවට පත් විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කොළඹ දී ක්‍රියාත්මක කෙරුණු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා හොකී තරග මාලාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඕෂද රණතුංග (මහනුවර කිංග්ස්වුඩ් විදුහල) නම් කෙරුණු අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලසන්ති කුලසේකර (මහනුවර ස්වර්ණමාලී බාලිකා විදුහල) සම්මාන ලැබුවාය.

බාලක රිදී පදක්කම මාතලේ ශාන්ත තෝමස් විදුහල හිමිකර ගත් අතර බාලිකා රිදී පදක්කම වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල සතු විය. බාලක ලෝකඩ පදක්කම කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ද බාලිකා ලෝකඩ පදක්කම නාවල ජනාධිපති බාලිකා විදුහලට ද හිමි විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර – මහනුවර

advertistmentadvertistment
advertistmentadvertistment