රියැදුරු රෝගීවීමෙන් සිදුවූ රිය අනතුර

323


අද උදෑසන පුද්ගලික බස් රථයක රියදුරුට හටගත් හදීසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ධාවනය කරමින් තිබූ එම බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මැදවච්චිය නගරයේ දී නිවසක් සහිත ගරාජයක් තුළට කඩා වැදී දරුණු රිය අනතුරකට ලක්ව ඇත.
මෙම පුද්ගලික බස් රථය වවුනියාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අඟලු‍ම් හලකට සේවකයින් රැගෙන යමින් සිට ඇත. එහිදී 40 කට ආසන්න සේවකයින් සංඛ්‍යාවක් රැගෙන යමින් සිටි මෙම බස් රථයේ රියදුරු එක් වරම රෝගී වී ඇත. එහිදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව ධාවනය වෙමින් තිබූ ප්‍රදේශයේම පාරෙන් ඉවතට පැන නිවසක් සහිත ගරාජයක ගැටී ඇත. එම අවස්ථාවේ ගරාජයේ හිමිකරු නිවස තුළ සිට නොමැති අතර අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. අනතුරින් 13 දෙනෙකු තුවාල ලබා ඇත. ඉන් සුලු‍ තුවාල ලැබූ 06 දෙනෙකු මැදවච්චිය රෝහලේ ප්‍රථිකාර ලබති.් බරපතල තුවාල ලැබූ 07 දෙනෙකු වැඩි දුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට මැදවච්චිය රෝහල් බලධාරින් කටයුතු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment