හරක්කටාට උදවු කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

259

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලා යාම සඳහා ආධාර අනුබල දුන් බව කියන පොලිස් සැරයන්වරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත නිලධාරියෙකි.සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම පොලිස් වසමේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment